රජයේ මිලියන 300ක පාඩුවක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට අසංකට සී.අයි.ඩිය වෙත කැඳවීමක්

මෙම රජය බලයට පත්වීමෙන් පසු 2025 වසරේ මැයි මාසයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබූ රජයේ වාහන වෙන්දේසියේදී ඉතා ඉහළ වටිනාකමින් යුත් වාහන ඉතා අඩු මුදලකට විකිණීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පැමිණිල්ලකට සම්බන්ධයෙන් විමසීම සඳහා ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය අසංක රුවන් පොදුපිටිය අල්ලස් කොමිසම වෙත පැමිණ සිටියා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් පසුගිය වසරේ මැයි මස 19 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් එලෙස පැමිණිල්ල සිදුකර මාස 08ක පමණ කාලයක් ගත වුවද මේ වන තෙක් අල්ලස් කොමිසම විසින් ලිපියක්වත් යොමුකර මේ පිළිබද ඔවුන් දැනුවත් නොකළ බවත් ඔහු පෙන්වා දෙනවා.

මිලියන 500ක වටිනාකමින් යුත් වාහන මිලියන 200ක මුදලකට විකිණීමෙන් රජයට මිලියන 300ක පාඩුවක් සිදු වූ බවට පවසමින් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට (28) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි අසංක රුවන් පොදුපිටිය සඳහන් කළේ.

රජය විසින් මෙලෙස සිදු කරමින් පවතින්නේ සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කිරීමද යන්නත් ඔහු ප්‍රශ්න කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16