යුක්තිය මෙහෙයුම අතර සිදුවන දේ ගැන ඇමරිකා තානාපතිනියගේ අවධානය

අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුම පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති ජුලි චන්ග්ගේ අවධානය යොමුවී තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ඇය සඳහන් කළේ මෙම මෙහෙයුම සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අමරිකා එක්සත් ජනපදයේ අවධානයට ලක්වී ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බවයි තානාපතිනිය නිකුත් කළ ට්විටර් සටහනේ දැක්වෙන්නේ.

මෙහෙයුම්වලදී නීතිය ක්‍රියාත්මක කිරීම, නීතියේ ආධිපත්‍යයේ සහ නියමිත ක්‍රියාවලියේ මූලධර්ම ආරක්ෂා කිරීම ද ඉතා වැදගත් වන බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

යුක්තිය සහ මහජන විශ්වාසය පවත්වා ගැනීම සඳහා මෙම සමතුලිතතාවය ඇති කිරීම ඉතා වැදගත් බවයි ඇය පෙන්වා දෙන්නේ.

පසුගියදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ යුක්තිය මෙහෙයුම අතර වධ හිංසා සිදුවීම්, අමානුෂීය හෝ අවමන් සහගත සැලකීම්, අත්තනෝමතික ලෙසට අත්අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම් වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම් සිදුවී ඇති බවට පැමිණිලි රැසක් කොමිසමට ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පෙන්වාදුන් ආකාරයට මෙම මෙහෙයුම දිවයිනේ විවිධ ප්‍රදේශවල අයුක්තියට ලක්වීම් පිළිබඳ සිදුවීම්වල මාතෘකාවක් බවට පත්ව ඇති අතර එමගින් මෙහෙයුමේ නාමය වන යුක්තිය යන වදනද වැරදි ලෙසට භාවිත වන්නක් බවට පත්ව ඇති බවයි මානව හිමිකම් කොමිසම සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්.

HRCSL Press Notice 08012024 sinhala 1 scaled
HRCSL Press Notice 08012024 sinhala 2 scaled
HRCSL Press Notice 08012024 sinhala 3 scaled
HRCSL Press Notice 08012024 sinhala 4 scaled
Twitter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38