spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යාපනයෙන් දඹුල්ලට අභියෝග ගත ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 129ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරු චරිත් අසලංක අඟනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 56ක් රැස්කළ අතර, තව්හිඩ් රිඩෝයි ලකුණු 24ක් රැස් කිරීමට සමත් වුණා.

අද තරගයේ දී ජැෆ්නා කණ්ඩායමට එක්වූ ප්‍රහාරාත්මක පිතිකරු ඩේව්ඩ් මිලර් ලකුණු 14ක් රැස්කළ අතර නායක තිසර පෙරේරා ලකුණු 06ක් සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළා.

පන්දු යැවීමේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූ දඹුල්ල අවුරා ක්‍රීඩක ධනංජය ද සිල්වා පන්දුවාර 04ක් තුළ ලකුණු 17කට එක් කඩුල්ලක් දවා ගත්තා.

නූර් අහමඩ් සහ ෂානාවාස් දහානි එක් කඩුල්ල බැඟින් බිඳ දැමූවා.

වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සිය පන්දුවාර 04 තුළ කඩුලු 02ක් බිඳ දැමුවේ ලකුණු 27ක් පමණක් ලබා දෙමින්

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 130ක අභියෝග ගත ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?