යාපනයෙන් දඹුල්ලට අභියෝග ගත ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 129ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරු චරිත් අසලංක අඟනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 56ක් රැස්කළ අතර, තව්හිඩ් රිඩෝයි ලකුණු 24ක් රැස් කිරීමට සමත් වුණා.

අද තරගයේ දී ජැෆ්නා කණ්ඩායමට එක්වූ ප්‍රහාරාත්මක පිතිකරු ඩේව්ඩ් මිලර් ලකුණු 14ක් රැස්කළ අතර නායක තිසර පෙරේරා ලකුණු 06ක් සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළා.

පන්දු යැවීමේ දී සුපිරි පන්දු යැවීමක නිරත වූ දඹුල්ල අවුරා ක්‍රීඩක ධනංජය ද සිල්වා පන්දුවාර 04ක් තුළ ලකුණු 17කට එක් කඩුල්ලක් දවා ගත්තා.

නූර් අහමඩ් සහ ෂානාවාස් දහානි එක් කඩුල්ල බැඟින් බිඳ දැමූවා.

වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සිය පන්දුවාර 04 තුළ කඩුලු 02ක් බිඳ දැමුවේ ලකුණු 27ක් පමණක් ලබා දෙමින්

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 130ක අභියෝග ගත ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35