අත්අඩංගුවට ගෙනා අධිකරණයට ඉදිරිපත් කළ චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසළ පැවති සත්යග්රහ භූමියේදී ඇති වූ ගැටුමට අදාළව මෙම සැකකරු, අද (18) අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව සැකකරු අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා










