යාන් ඔය නිසා කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් 245ක් සඳහා රුපියල් 1,800,000ක්

අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් කුඹුරු ඉඩම් අක්කර 11,500කට පමණ යල සහ මහ දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය ලබාදීමේ අරමුණින් ඝන මීටර මිලියන 169ක ධාරිතාවකින් යුතු යාන් ඔය ජලාශය ඉදිකරනු ලැබුවා.

එකී ජලාශය ඉදිකිරීමේ දී අත්කර ගනු ලැබූ ඉඩම් සඳහා වන්දි ගෙවීමේ කටයුතු රජයේ තක්සේරුව අනුව සිදු කරනවා.

ඒ අනුව එම ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් සඳහා විකල්ප කුඹුරු ඉඩම් කට්ටි 313 ක් ලබා දී තිබෙනවා.

එමෙන්ම, තෝරාගත් පවුල් 614ක් සඳහා විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට අතිරේක වන්දි මුදල් ලබා දීමට 2024 වසරේ මාර්තු මස 18 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් විසින් අතිරේක වන්දි මුදල් ලැබීමට සුදුසු පවුල් 540ක් හඳුනාගෙන ඔවුන් සඳහා වන්දි මුදල් ලබා දී ඇති බව කැබිනට් තීරණ පත්‍රිකාවේ සඳහන්.

විකල්ප කුඹුරු ඉඩමක් ලබා දීමට හැකියාවක් නොමැති බැවින් අතිරේක වන්දි මුදල් ලැබීම සඳහා හිමිකම් ලබන තවත් පවුල් 245ක් හඳුනාගෙන තිබෙනවා.

රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් වාරි ජලය මඟින් යල සහ මහ දෙකන්නය වගා කරන කුඹුරු ඉඩම් අක්කර එකහමාරක (1 1/2) වටිනාකම රුපියල් 1,800,000/-ක් වශයෙන් ඇස්තමේන්තුගත කර තිබෙනවා.

ඒ අනුව, තවදුරටත් හඳුනාගනු ලැබ ඇති පවුල් 245 සඳහා එක් පවුලකට රුපියල් 1,800,000/- බැගින් අතිරේක වන්දි මුදලක් ගෙවීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59