2026 ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර ඊයේ (08) රාත්‍රියේ පැවැත්වුණා.
ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි.
අවසන් තරගයේ කාසියේ ජයගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන්ට පන්දුවාර 19යි පන්දු 02කට පමණක් මුහුණදෙමින් කඩුලු 09ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 123ක් පමණයි.
ඒ අනුව මෙවර ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ කිරුළ හිමිකර ගැනීම සඳහා ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට ලකුණු 124ක ඉලක්කයක් හිමි වූ අතර, ගාල්ල කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 05ක් පමණක් වැය කරමින් එම ඉලක්කය සපුරා ගත්තා.
එලෙස ජයගත් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ජයග්‍රාහිකයන් ලෙස කිරුළ හිමිකර ගත්තා.
ලකුණු 20කට කඩුලු තුනක් බිඳ දැමූ චරිත් අසලංක, අවසන් තරගයේ වීරයා සම්මානය හිමිකරගත් අතර තරගාවලියේ වීරයා සම්මානය කාමිල් මිශාරට හිමිවුණා.













