මෙරට තුළ දී අපරාධයක් සිදුකරන්න සූදානමින් ආ ඉන්දුනීසියානුවන් නවදෙනෙක් අල්ලයි

මෙරට තුළ අන්තර්ජාලය මූල්‍ය අපරාධ සිදුකිරීම යොදාගන්නා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමඟ විදෙස් ජාතිකයින් 09 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දුනීසියානු ජාතිකයින් පිරිසක්.

කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (02) අලුයම මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් – 468 දරණ ගුවන් යානයෙන් අද (02) අලුයම 12.50ට පමණ මෙරටට පැමිණ තිබුණා.

සැකකාර ඉන්දුනීසියානු ජාතිකයින් රගනේ ආ ගමන් මලු තුළ සඟවා තිබිය දී මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ අදාළ අංශ සමඟ ඒකාබද්ධව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියුණු රටවල කිසි දිනක රජය අධිකරණයට අත ගහලා නෑ..අධිකරණය ගැන සජබ පා.මන්ත්‍රී කට අරියි
03:40
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව
01:15
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන්න පොලිස්පතිගෙන් නියෝග
01:11
Video thumbnail
ජාත්‍යන්තරයට ගිය ලංකාවේ රංගන ශිල්පීන් දෙදෙනා දිවයිනට
00:35
Video thumbnail
රංගන ශිල්පී මහේන්ද්‍ර - ප්‍රියන්ත දෙදෙනා දිවයිනට එයි - කලාකරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක්
00:58
Video thumbnail
අකුරැස්ස සභාපතිට එරෙහි චෝදනාව ගැන ජනතාවගේ අදහස් - "ග#ලා නෙවෙයි මුල පැටලිලා වැටිලා එයා"
08:17
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41