මීගොඩ දී සංචරණ සීමාවන්ද නොතකමින් දහසකට ආසන්න පිරිසක් දිගු පෝලිම්වල

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන ලෙස රජය විසින් සිදු කළ දැනුම්දීම අනුව රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වන මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ (14) විවෘත කර තිබුණි.

නමුත් එළවළු මිලදී ගැනීමට ජනතාව නොපැමිණීම නිසාවෙන් ආර්ථික මධ්‍යස්ථානයට ගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 12ක පමණ එළවළු තොග නොමිලේ බෙදාදීමට කටයුතු කර තිබුණි.

ආර්ථික මධ්‍යස්ථානයේ නොමිලේ එළවළු බෙදාදෙන බවට ලද තොරතුරු මත සංචරණ සීමාවන්ද නොතකමින් දහසකට ආසන්න පිරිසක් දිගු පෝලිම්වල සිට එළවළු රැගෙන යෑමට පැමිණ තිබුණි.

කෙසේවෙතත්, රජය ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබුව ද මෙම තත්ත්වය මත ලබන සඳුදා දින තෙක් යළි එළවළු තොග නොගෙනීමටත් වෙළෙඳසැල් වසාදැමීමටත් තීරණය කළ බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද රොහාන් මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34