spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මීගොඩ ආර්ථිකේ පොලිස් මුරපොළේ පහකට ස්ථානමාරු

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඊයේ (12) අලුයම් කාලයේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තබා වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇත්තේ.

යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් වෙළඳසැලක සේවය කළ තරුණියක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

කොල්ලකරුවන් විසින් අදාළ වෙළඳසැලේ තිබූ රුපියල් පනස්දහසකට ආසන්න මුදලක් කොල්ල කා පළාගොස් ඇති බවයි පසුව අනාවරණය වුණේ.

මෙම සිද්ධිය සිදුවී ටික වේලාවක් ගතවන තෙක් එම පොලිස් මුරපොළේ සිටි පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය වෙත නොපැමිණි බවට එහි සිටි පිරිස් චෝදනා කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?