Update – කළුතර වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය නෑඹඩින් හමුවේ

අද පෙරවරුවේ දකුණු කළුතර, වෙට්ටුවකඩේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය සපයාගෙන තිබෙනවා.

කළුතර, නෑඹඩ ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පොලිසිය විසින් මෙම මෝටර් රථය අද (28) දහවල් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගියේ මොහොමඩ් ෂෆික් නැමැති කළුතර මරික්කාර් පෙදෙස ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

අද උදෑසන දේවස්ථානයට ගොස් යමින් සිටිය දී එම පුද්ගලයා මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted