අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහි විනය පරීෂණයක් ඉල්ලා පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම විනය පරීෂණයක් පවත්වන ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම කොමිෂන් සභාවේ සභාපති ඩබ්ලිව්. එම්.එන්.පී. ඉද්දවෙල වෙත ලිඛිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, එමඟින් දන්වා ඇත්තේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා කොමිෂන් සභාවේ නියෝග හා විධානයන්ට අනුකූලව කටයුතු කළ යුතු අතර, ඔහුගේ විනය බලධාරියා වන්නේ ද කොමිෂන් සභාවම බවයි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව විශාල ගැටලුවක් පැන නැගී ඇති බවත්, ඔහු අත්තනෝමතික ලෙස පක්ෂග්‍රාහීව සිය රාජකාරී කටයුතු ඉටු කරන බවත් එම ලිපිය මඟින් දන්වා තිබෙනවා.

ඒ, අනුව ඔහුට එරෙහිව පියවර ගැනීමට කොමිෂන් සභාවට පූර්ණ බලතල ඇති බවයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එම ලිඛිත පැමිණිල්ල මඟින් දන්වා ඇත්තේ.

WhatsApp Image 2026 05 28 at 10.56.59 AM 1
WhatsApp Image 2026 05 28 at 10.57.00 AM
WhatsApp Image 2026 05 28 at 10.57.01 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46