දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි

හැටන්, දික්ඔය නගරයේ පසුගිය 21 වනදා පස්වරුවේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

දික්ඔය නගරයේ වෙළඳසැලක සිටි වයසක අඹුසැමි යුවළක් කිසියම් පුද්ගලයෙකු විසිත් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර එහි කාන්තාව සතුව තිබූ පවුම් 18ක් පමණ රත්‍රං කොල්ලකා පුද්ගලයෙක් පලාගොස් තිබුණා.

මෙම සැකකරු පසුගිය 21 වනදා ස්වර්ණාභරණ මිලදී ගැනීමේ මුවාවෙන් දික්ඔය නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැල් කිහිපයකටම ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම ද්විත්ව ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයා එදින පස්වරු 1:15ට පමණ අදාළ වයසක අඹුසැමි යුවළ සිටි වෙළඳසැල තුළට පිවිස, එම වෙළඳසැල තුළ සැඟව සිට අඹුසැමි යුවළ ඝාතනය කිරීමෙන් අනතුරුවන් රන් භාණ්ඩ ද කොල්ල කා පස්වරු 5:30ට පමණ වෙළඳසැලෙන් පලාගොස් ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ.

අපරාධය සිදුකළ මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 071 8591114 (හැටන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි), 071 8591117 (හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක), 071 8593163 (හැටන් පොලිසියේ අපරාධ විමර්ෂන අංශයේ ස්ථානාධිපති) යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ.

සැකකරුගේ ඡායාරුපය පහතින්..

4 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49