දන්සැල් ලියාපදිංචියට තවදුරටත් අවස්ථාව – සංවිධායකයින්ට විශේෂ දැනුම්දීම් කිහිපයක්

එළඹෙන වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් ලියාපදිංචිය වෙනුවෙන් තව දුරටත් අවස්ථාව හිමිවන බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ වනවිටත් දිවයින පුරා දන්සැල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ.

එම සංගමය පවසන්නේ රට තුළ බෝවන රෝග කිහිපයක් වාර්තා වන බැවින් දන්සැල් පැවැත්වීමේ දී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි.

මේ අතර දන්සැල් සඳහා ලබාගන්නා ජලය, ජල සම්පාදන මණ්ඩලය විසින් ලබාදෙන ජලය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිර්දේශ කරන ස්ථානයකින් පමණක් ලබාගන්නා ජලය භාවිත කරන ලෙසත් දැනුම් දෙනවා.

එමෙන්ම දන්සැල්වල ආහාර සකසන්නන් මෙන්ම ආහාර පිළිගන්වන්නන් සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද යටතේ අනිවාර්යයෙන්ම සෞඛ්‍ය රක්ෂිත ඇඳුම් ඇඳීම අනිවාර්ය බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ.

මීට අමතරව දන්සැල්වල ආහාර සකසන්නන් මෙන්ම ආහාර පිළිගන්වන්නන් බුලත් විට කෑම, දුම්පානය වැනි සෞඛ්‍ය රක්ෂිත නොවන ක්‍රමවේදයන්ගෙන් ද බැහැරව සිටින ලෙසත් දැනුම් දෙනවා.

මේ අතර නිසි සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන් දන්සැල් නවතා දැමීමට හෝ එම දන්සැල් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති දන්සැල් අතුරින් වැඩිම සංඛ්‍යාවක් අයිස් ක්‍රීම් දන්සැල් බව සඳහන් කරන එම සංගමය, ලබාදෙන අයිස් ක්‍රීම් ගබඩාකිරීමේ දී මස් මාළු සහිත ශීතකරන තුළ ඒවා ගබඩා කිරීමෙන් වැළකී සිටින ලෙස අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20