බුද්ධ ශාසනයට අගෞරව කිරීමේ විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වනවා – නාමල් රාජපක්ෂ

බුද්ධ ශාසනයට සහ මහා සංඝ රත්නයට අගෞරව කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කළේ අද (28) මහනුවර, මාරස්සන ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම රට තුළ ජීවත්වන කාන්තාවන් සහ දරුවන්ගේ අයිතිය ආරක්ෂා කර ගැනීමට ද කටයුතු කළ යුතු බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

මේ අතර අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ගේ සිදුවීම මුල්කරගෙන සංඝ සමාජය සහ බෞද්ධ ජනතාව අතර යම් විරසකයක් ගොඩනැගීමට කටයුතු කරන බවට පෙනී යන්නේ ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දෙමින්, එම සිදුවීම මේ මොහොතේ අධිකරණයේ පවතින කාරණයක් බව සඳහන් කළ මන්ත්‍රීවරයා, අධිකරණය තුළ ඇති සාක්ෂි නැතිකර, නැති සාක්ෂි ඇති නොකර සාධාරණ විමර්ශනයක් සිදුකරන ලෙසයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

  1. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව කිසිම මොහොතක බුදු දහමටවත් සිල්වත් භික්ෂුන් වහන්සේලාටවත් කිසිම මොහොතක අවමන් කරන්න කැමති නෑ.එසේම ගමේ පන්සලේ නායක හිමි ස්ත්‍රීන් ඇසුරු කිරීම් අසා දැකල තියෙනවා. එවිට ගමේ මිනිස්සු ආවාසෙට නොගිහින් බුදුන් වැඳ ගෙදර ගියා. නැත්නම් පන්සලට නොයා හිටිය. නමුත් අටමාස්ථානය කියන්නෙ බෞද්ධ ජනතාව හිස මුදුනින් වන්දනා කරන ස්ථානයක්‌. එවිට එහි නායක හිමිගේ ක්‍රියා කලාපය ඇසුණු දැනුන මිනිස්සු නොසන්සුන් වීම සහ දුසිල්වත් බික්ෂුන් ගැන මෑත කාලයේ ඇසුනු දේවල් සමග හිත බිඳී මේ තාක් ඉවසගෙන හිටපු වේදනාව එක් වරම පිපිරී ගියා. නැතුව මේ රටේ මිනිස්සු කවදාවත් බුදුදහමට නිග්‍රහ කලේ නෑ. මිනිස්සු බයයි අපාගාමී වෙන්න.විශ්වාසය බිඳුණු ජනතාව වෙත වැරදි පටවන්නේ නැතුව බික්ෂුන් වහන්සේලා එකමුතු වී වැරදි කරන කරපු බික්ෂුන් ගැන දැඩි තීරණයක්‌ ගන්න. නැතුව කාටවත් ඇඟිල්ල දික් කිරීමෙන් මේ ප්‍රශ්න වලට විසඳුමක් හොයන්න බැරි බව තේරුම් ගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56