මහත්වරුන්ගේ ක්‍රීඩාවට නොගැළපෙන වැඩක් කළ කිං කෝලි (වීඩියෝ)

අයි.පී.එල් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සභාගී වූ මූලික වටයේ අවසන් තරගය ඊයේ (22) රාත්‍රියේ පැවැත් වුණා.

හයිද්‍රාබාද් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති මෙම තරග ජයගන්නට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණේ ලකුණු 55කින්.

මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් සුපිරි කණ්ඩායම් හතර සඳහා මේ වනවිටත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් සුදුකම් ලබා තිබෙනවා.

මේ අතර ඊයේ (22) පැවති මෙම තරගය අතර තුර සහ තරගයෙන් අනතුරව සිදු වූ සිදුවීමක් පිළිබඳව මේ වනවිට ඉන්දීය මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල දැඩි කතා බහකට ලක්වීමට පටන්ගෙන තිබෙනවා.

මෙම තරගයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පිළිතුරු ඉනිමේ දී පන්දුවට පහර දෙමින් සිටි සුපිරි ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි සහ පිටියේ පන්දු රකිමින් සිටි සන්රයිසස් කණ්ඩායම නියෝජනය කරන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් අතර අවස්ථා කිහිපයක දී යම් උණුසුම් තත්ත්වයක් හටගන්නා ආකාරය දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් විරාට් කෝලි ලකුණු 15ක් රැස්කරගෙන සිටිය දී දැවීයාමත් සමඟ ක්‍රීඩකයින් දෙදෙනා අතර ඇතිව තිබූ එම උණුසුම් තත්ත්වය අවසන් වූ නමුත්, විරාට් කෝලි එය අමතක නොතිබූ ආකාරය තරගයෙන් අනතුරුව දැකගැනීමට හැකි වුණා.

මෙම තරගය හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 55කින් ජයගැනීමෙන් පසු දෙපිළේම ක්‍රීඩකයින් අතට අත දෙන අවස්ථාවේ විරාට් කෝලි විසින් ට්‍රැවිස් හෙඩ්ට අතට අතදීම ප්‍රතික්ෂේප කරන ආකාරයයි දැක ගැනීමට හැකියාව ලැබුණේ.

ට්‍රැවිස් හෙඩ් විසින් කෝලිට අතට අතදීමට උත්සාහ කළත් කෝලි එය ප්‍රතික්ෂේප කරන ආකාරය වීඩියෝ දර්ශනවල දැකගැනීමට හැකියාව ලැබෙනවා.

ක්‍රීඩාව තුළ දී ආවේගශීලි ක්‍රීඩකයෙක් වන කෝලිගේ මෙම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති අතර, ක්‍රිකට් පිටියට එවැනි ක්‍රියා කිසිම අයුරකින් නොගැලපෙන බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14