මීගහවත්ත සහ කටුවන මාරක රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ තරුණයෙක් මියගොස් තිබෙනවා.

බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර ඉන් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පැමිණි තරුණයා උඩුපිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

මාර්ගයක් හරහා ගමන් කිරීමේදී යතුරුපැදියක ගැටීමෙන් 58 හැවිරිදි වියේ පසු වූ කටුවන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් මියගොස් තිබෙනවා.

යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා ද තුවාල ලබා ඇති අතර ඔහු කටුවන රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !