Empty Ad
AFC Banner
Empty Ad

මිලින්ද සහ නාමලී ජපානයට ගිහින් වසර 10යි

2013 වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් ජපන් රජයට සහ ජනතාවට මිලින්ද සහ නාමලී යන ශ්‍රී ලංකා අලි ඇතුන් දෙදෙනකු පරිත්‍යාග කර වසර 10ක් සපිරීම වෙනුවෙන් සැමරුමක් පවත්වා තිබෙනවා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් පිරීමේ නිමිත්තෙන් ජාතීන් දෙක අතර මිත්‍රත්වයේ චිරස්ථායි සංකේතයක් ලෙසටයි මෙම සත්වයින් දෙදෙනා පරිත්‍යාග කර තිබුණේ.

මෙම අලි දෙදෙනා පසුගිය වසර දහය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙනවා.

මිලින්ද සහ නාමලී යන අලි දෙදෙනා ටොකුයාමා සත්වෝද්‍යානයට පරිත්‍යාගය කිරීම වෙනුවෙන් කෘතඥතාව පළ කිරීම සහ ඔවුන්ගේ අඛණ්ඩ වර්ධනය ප්‍රාර්ථනා කිරීම සඳහායි සංවත්සර සැමරුම පවත්වා ඇත්තේ.

ශ්‍රී ලාංකික පරිත්‍යාගයට වසර 10ක් පිරීමේ සංවත්සර සැමරුම සඳහා ජපානයේ ෂුනාන් නගරයේ ටොකුයාමා සත්වෝද්‍යානයේ ප්‍රධානියා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතාට ද ඇරයුම් කර තිබුණා.

ප්‍රදේශයේ පාසල් සිසුන්ගෙන් සමන්විත ගායක කණ්ඩායමක් තානාපතිවරයා පිළිගැනීම සඳහා අලි ඇතුන් පිළිබඳ ජනප්‍රිය ජපන් ගීතයක් සිංහල භාෂාවෙන් ගායනා කිරීම විශේෂත්වයක්.

ජපානයේ විශාලතම අලි ඇතුන් සඳහා වන ප්‍රදේශය ද නිර්මාණය කර ඇත්තේ පින්නවල අලි අනාථාගාරයේ භූ දර්ශනයට සමාන වන ආකාරයෙන්.

තානාපතිවරයා ප්‍රේක්ෂක පිරිස අමතමින් සිය කතාවේදී කියා සිටියේ අලියා යනු ශ්‍රී ලංකාවේ පූජනීය සතෙක් වීම හේතුව නිසාම දෙරට අතර සුහදතාවයේ සලකුණක් ලෙස මිලින්ද සහ නාමලී ජපන් ජනතාවට පරිත්‍යාග කළ බවයි.

ටොකුයාමා සත්වෝද්‍යානය, ෂුනාන් නගරය, ෂුනාන් නගරයේ යමගුචි ප්‍රාන්තයේ සහ ජපානයේ සිටින ජපන් මිතුරන් විසින් මෙම අලි දෙදෙනා ඉතා හොඳින් රැකබලා ගැනීම ගැන තමා සතුටු වන බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?