මැතිව්ස්ගේ දැවී යාමේ සිද්ධිය ගැන හිටපු ක්‍රීඩකයන්ගෙන් ඉල්ලීමක්

ඇන්ජලෝ මැතිව්ස්ගේ ආන්දෝලනාත්මක දැවී යාමේදී විනිසුරුවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක් ගොනු කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

අදාළ තරගයේ දර්ශනවලට අනුව ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස්වැසුමේ පටිය කැඩීමට පෙර නියමිත වේලාවට තම සීමා ඉර අසල (at the crease) සිටි බවටයි දැන් තහවුරු වී ඇත්තේ.

සිද්ධියෙන් පසුව, තරගයේ සිවුවැනි විනිසුරු ඇඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් ප්‍රකාශ කළේ ඇන්ජලෝ මැතිව්ස්ගේ හිස්වැස්ම කැඩී යාමටත් පෙර නියමිත මිනිත්තු 2ක කාල සීමාව තුළ ඔහුගේ පිටියට නොපැමිණි බවයි.

මෙම සිද්ධියේදී විනිසුරුවරුන් සැලකිය යුතු වරදක් සිදු කර ඇති බව දැන් ඔප්පු වී ඇති බැවින්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

ඇන්ජලෝ මැතිව්ස්ට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයාට බලපෑම් කළේ විනිසුරු මාරයිස් ඉරැස්මස් දැයි විමර්ශනය කරන්නැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටින ලෙසට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබෙනවා.

ICC සිවුවැනි විනිසුරුගේ ප්‍රකාශයට අනුව ඇන්ජලෝ මැතිව්ස් නියමිත වේලාවට ක්‍රීඩාගාරයට පැමිණ සිටි බව පෙන්වා දීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.

Mathews on the Ground
Mathews on the Ground2
  1. KOHOMATH INDIA, PAKISTAN, BANGLADESH, AUSTRALIA SRI LANKA CRICKET TEAM EKATA HEMAKALEMA BHYAYAI. KISIMA FINAL EKAKATA MONA KRAMAYAKIN HO ENNA NODHEE PAHALINMA KAPA DANNA THAMAYI TRY EKA. THAMUNTA FINAL YANNA BERI BAWA DEN DENA SAKKILI BANGALIYO APIWA ELAWAGENA AWE EKAYI. UN KALEYI INDIA CONTRACT EKA. LANKAWATA EREHIWA GASU HEMA RATAKATAMA UN SUPPORT KALA. UNGE BOARD EKE UN GE INDHA BALANNA APU UNGE RATEYI UN PAWA CHEER KALEYI APITA EREHIWA GAHANA UNTA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14