මැතිවරණ වියදම් වාර්තා නොදුන් පිරිසට වැඩ වරදින ලකුණු

පසුගිය ජනාධිපතිවරණය සඳහා තරග කර මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නිසි වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව වංචා විමර්ශන කාර්යාංශය අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මැතිවරණ කොමිසම විසින් කරන ලද පැමිණිලිවලට අනුව වංචාව විමර්ශන කාර්යාංශය විසින් පැමිණිලි 07කට අදාළව අද අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.

වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් අධිකරණය හමුවේ සඳහන් කළේ 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ පසුගිය ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් විසින් ජනාධිපතිවරණයේ දී තමන් සිදුකළ වියදම් පිළිබඳව ඔක්තෝබර් මස 13 වනදාට වාර්තා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

එහෙත් ඇතැම් අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් එම වාර්තා මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවත් එය 2023 අංක 3 දරණ මැතිවරණ නියාමන වියදම් පනත යටතේ වරදක් බවත් එම නිලධාරින් දන්වා සිටියා.

මේ පිළිබඳව මැතිවරණ කොමිසම විසින් කරන ලද පැමිණිලිවලට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවත් විමර්ශනවල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා..

ඒ අනුව අදාළ පැමිණිලි පිළිබඳව විමර්ශන පවත්වා එහි ප්‍රගතිය මාර්තු මස 14 වන දා ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54