පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ලබන 28 දක්වා තවදුරටත් ජාතික රෝහලේ රඳවා ප්‍රතිකාර කරන ලෙස වෛද්‍යවරුන් කණ්ඩායම නිර්දේශ කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් අද (22) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කියා සිටියා.
ඒ එම වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරමින්.
නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් එහිදි ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් කරුණු දැක්වූවා.
“ස්වාමීනි.. ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා රාජ්‍ය නිලධාරියකු බැවින් ඔහු වෙනුවෙන් පෙනී සිටින ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරා කරා. ඒ වෙනුවෙන් මා පෙනී සිටිනවා. නමුත් මා ගියවර ප්‍රකාශ කළා මේ වෛද්‍ය කුමන්ත්‍රණයක් බව. මා තවමත් ඒ ස්ථාවරයේ සිටිමින් මේ පෙනී සිටීම සිදුකරනවා.”
මෙම සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට වර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 වන දින අධිකරණයේ පෙනී සිට හේතු දක්වන ලෙස පසුගිය නඩුවාරයේ දී මහේස්ත්‍රාත්වරයා ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නොතිසි නිකුත් කළා.
ඒ අනුව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර අධිකරණය හමුවේ පෙනී සිටියා.
සුරේෂ් සලේ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙර නඩු දිනයේ දී ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත දන්වා තිබුන ද, අද අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම නිසා මෙලෙස නොතිසි නිකුත් කළා.
එහි අද (22) දින එම වාර්තාව ද ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව සුරේ සලේ ලබන විසිඅට වැනිදා දක්වා ප්‍රතිකාර ගතයුතු බව වෛද්‍ය නිර්දේශයය බව දක්වා තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් සඳහන් කර සිටියේ, අධිකරණය නියෝගයක් තිබුණත් සුරේ සලේට සිය පරිගණකයේ මුරපද ලබාදීමට මේ වනතුරු ඔහු එම මුරපද ලබා දී නොමැතිබවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් අධිකරණයට මෙලෙස කරුණු දැක්වූවා.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස්,
“ස්වාමීනි දින සීයක් ගතවෙලා තිබුණත් තවමත් ඔහු මේ මුරපද ලබාදීලා නැහැ. ඔහු ඉන්නේ මේ මුරපද මතක නෑ කියන ස්ථාවරයේ. ජාතික බුද්ධි අංශ ප්‍රධානියකුට තිබිය යුතුම දෙයක් තමයි මතක ශක්තිය. එහෙම මතක ශක්තියක්වත් නැති පුද්ගලයෙක් මේ. රුපියල් ලක්‍ෂ හතළිහක් රාජ්‍ය මුදල් උපයෝගී කරගෙන ඔහුට හදවතට උපකරණයක් සවි කරලා තියෙනවා. දැන් ඔහු ඉන්නේ සාමාන්‍ය වාට්ටුවක ඒ හතළිස් දෙවැනි වාට්ටුව. ඒ වාට්ටුවට දැම්මෙත් අපි මේ අධිකරණයට ඇවිත් පහුගියදා කරුණු වාර්තා කළාට පස්සේ එතකන්ම හිටියේ දැඩිසත්කාර ඒකකය තුළ. දැන් ඔහුගේ දත්වලට තමයි බේත් කරන්නේ. ඔහුගේ දත් හදවත සමග සම්බන්ධයි කියලා තමයි වෛද්‍යවරුන් කියන්නේ.. රැඳවුම් නියෝජ්‍ය භාවිත කරලා ඔහු සුපිරි සැපක් ගන්නවා. නමුත් අපි බලනවා 28 වෙනිදයින් පස්සේ මොකක්ද ඊළඟට කරන්නේ කියලා. බලාපොරොත්තු වෙනවා 28 වෙනිදයින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගිහින් සුපුරුදු පරිදි විමර්ශන විමර්ශනය සහ ප්‍රශ්න කිරීම් ආරම්භ කරන්න.
එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කරා.
ඔහු දැන් සිටින්නේ හෘදය සම්බන්ධ වාට්ටුවකද.
ඊට පිළිතුරු දෙමින් දිලීප පීරිස් සඳහන් කළේ හෘදය සම්බන්ධයෙන් ප්‍රතිකාර කර අවසන් බවයි.
වෙන රෝගීන්වත් දත්වල අමාරුවට මේ විදිහට රඳවා ගෙන ප්‍රතිකාරකරනවාද ඇයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියා.
පිළිතුරු දීමට ජාතික රෝහලේ අධ්‍යක්ෂ සම්පත් මහතා ඉදිරිපත් වී කරුණු දැක්වූවා.
“ස්වාමීනි ඒ පිළිබඳව මමත් දැනං හිටියේ නෑ මමත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. නමුත් දැනට සිදුකරන ප්‍රති ජීවක ඖෂධ නැති වුනොත් ඒ නහර පිරවීම සිදුකිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනවයි කියලා වෛද්‍ය නිර්දේශය වෙලා තියෙනවා. ඊට අදාළ ප්‍රතිකාර අවසන් වීමෙන් පසු සුදුසු පරිසරයක් වෙත මුදා හරින්න දැනට නිර්දේශ කරලා තියෙනවා.”
සුරේ සලේ වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ වෛද්‍ය වාර්තාවේ සුරේ සලේ වද හිංසාවට ලක්ව ඇති බව සඳහන් වී ඇති බවයි.
මහේස්ත්‍රාත්වරයා එය පැහැදිලි කරමින් සඳහන් කළේ එම වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ මානසික පීඩනයකට ලක්ව ඇති බවත් වද හිංසාවකට ලක්ව නොමැති බවයි.
ඉන් අනතුරුව දිලීප පීරිස් යළි කරුණු දැක්වුවා.
“ස්වාමීනි මා පෙර දිනයේ සඳහන් කළ පරිදි විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගෙන් අපි ඉදරියේ දී ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම මාධ්‍යවේදීනුත් මේ සම්බන්ධයෙන් කරුණු දන්නවා නම් ඒවත් අපට ඉදිරිපත් කරන්න කියලා අප ඉල්ලා සිටිනවා.”
සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගතිය ඉදිරි නඩු දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නිලධාරීන්ට නියෝග කළා.
ලබන ඔක්තෝබර් 21 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතයි.













