Empty Ad
AFC Banner
Empty Ad

මාලි රාජ්‍යයට යන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම යුද හමුදාපතිට ගෞරවාචාර පුදකරයි

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්වීමට නියමිත යුද හමුදා 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනමා තිබෙනවා.

ඒ අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී යි.

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා සංකේතාත්මක වැදගත්කමක් එක්කරමින් යුද හමුදාපතිවරයා විසින් ජාතික කොඩිය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද හමුදා ධජය සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ධජය 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අණදෙන නිලධාරිවරයා වෙත පිරිනමනු ලැබුවා.

ඉන් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන කණ්ඩායම එම මෙහෙයුම සඳහා සූදානම් බවත් එම වගකීම් භාරගැනීමට සූදානම් බවත් පිළිබිඹූ කෙරෙනවා.

දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව නියෝජනය කරන නිලධාරීන් සහ සෙසුනිලයින් ද ඇතුළත්.

නිලධාරීන් 20 දෙනෙක් සහ සෙසුනිලයන් 223 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්.පී. වික්‍රමාරච්චි කටයුතු කරනු ලබන අතර දෙවන අණදෙන නිලධාරි ධූරය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් එම්.ඒ.ඩී. බණ්ඩාරනායක විසින් හොබවනු ලබනවා.

මාලි රාජ්‍යයේ මේ වනවිට සේවයේ නිරතව සිටින 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සිය රාජකාරීන් ජූලි මස 1 වනදා 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම වෙත භාරදීමෙන් අනතුරුව යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34

?