මාලි රාජ්‍යයට යන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම යුද හමුදාපතිට ගෞරවාචාර පුදකරයි

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්වීමට නියමිත යුද හමුදා 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම (Combat Convoy Company) යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනමා තිබෙනවා.

ඒ අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී යි.

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා සංකේතාත්මක වැදගත්කමක් එක්කරමින් යුද හමුදාපතිවරයා විසින් ජාතික කොඩිය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද හමුදා ධජය සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ධජය 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අණදෙන නිලධාරිවරයා වෙත පිරිනමනු ලැබුවා.

ඉන් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන කණ්ඩායම එම මෙහෙයුම සඳහා සූදානම් බවත් එම වගකීම් භාරගැනීමට සූදානම් බවත් පිළිබිඹූ කෙරෙනවා.

දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව නියෝජනය කරන නිලධාරීන් සහ සෙසුනිලයින් ද ඇතුළත්.

නිලධාරීන් 20 දෙනෙක් සහ සෙසුනිලයන් 223 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්.පී. වික්‍රමාරච්චි කටයුතු කරනු ලබන අතර දෙවන අණදෙන නිලධාරි ධූරය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් එම්.ඒ.ඩී. බණ්ඩාරනායක විසින් හොබවනු ලබනවා.

මාලි රාජ්‍යයේ මේ වනවිට සේවයේ නිරතව සිටින 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සිය රාජකාරීන් ජූලි මස 1 වනදා 5 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම වෙත භාරදීමෙන් අනතුරුව යළි දිවයිනට පැමිණීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14