මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

විරෝධතාවක් සංවිධානය කළ බව කියන නීතීඥයින් පිරිසකට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය ගොනු කළ බී වාර්තාවට අදාළව සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.

පසුගිය 8 වනදා නීතීඥවරුන් මෙම විරෝධතාවයේ නිරත වුයේ නීතිපතිවරයා අධිකරණයට කරන ඇඟිලි ගැසීම් හෙළා දකින බවට පවසමින්.

කෙසෙල්වත්ත පොලිසිය විසිනුයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෙම විරෝධතාව සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත්තේ.

පොලිසිය එමගින් සඳහන් කර තිබුනේ මෙම විරෝධතාව තුළින් මැතිවරණ පනත, මංමාවත් පනත, පොලිස් ආඥා පනත උල්ලංඝනය වූ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවටයි.

මෙම වාර්තාව සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගෙන කරුණු වාර්තා කරන ලෙස නියෝග කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම පොලිසිය මෙම බී වාර්තාව ගොනු කර ඇත්තේ කුමන පදනමක් මතද යන්න පිළිබඳව තම කොමිසම අවධානය යොමු කර ඇති බවයි.

පොලිස්පතිවරයාගෙන් අදාළ සවිස්තර වාර්තාව ලැබුණු පසු පරීක්ෂණයක් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවනිවේදනය කළේ.

Human Rights1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18