ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම අනතුරු ඇඟවීම අද (03) 12.30 සිට අතර එය හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා වලංගු වන බවයි.
ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත්බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඉදිරි කාලය තුළදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බැවින් මහජනතාව දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණ කර ඇත්තේ.













