මහර බන්ධනාගාර සිද්ධියෙන් රෝහල් ගත කළ රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළට – රැඳවියන්ට ඉදිරි දින තුනේ අමුත්තන් හමුවීමට අවසර නෑ

මේ මස 03,04 සහ 05 යන ඉදිරි දින තුන තුළ දී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් හට අමුත්තන් පෙන්වීම සිදු නොකරන බව මහර බන්ධනාගාර අධිකාරීවරයා දැනුම් දෙනවා.

ඊයේ (01) එම බන්ධනාගාරය තුළ ඇති වූ කලහාකාරී තත්ත්වයත් හේතුවෙන් දේපලවලට හානි සිදුවීම නිසා ඉදිරි දින තුන තුළ දී රැඳවියන් හමුවීමට අමුත්තන්ට අවස්ථාව ලබා නොදෙන බවයි බන්ධනාගාර අධිකාරීවරයා සඳහන් කරන්නේ.

මේ අතර මහර බන්ධනාගරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවූ රැඳවියන්ගේ නාම ලේඛනයක් බන්ධනාගරයෙන් පිටත ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඒ අනුව රැඳවියන් 104 දෙනෙකු බන්ධනාගාර 07ක් වෙත මාරු කර යවා තිබෙනවා.

එමෙන්ම ඇති වූ කලහාකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටින රැඳවියන්ගේ නාම ලේඛනයක් ද ප්‍රදර්ශනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ, අනුව මෙම සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගතකළ රැඳවියන්ගේ සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35