මහර බන්ධනාගාර තුළ ඊයේ (01) ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම කිසියම් පාර්ශ්වයක සැලසුමකට අනුව සිදු වූ දෙයක් බවට තරයේ විශ්වාස කරන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂණ සුබවික්‍රම පවසනවා.
අද (02) පස්වරුවේ මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
රජය අපහසුතාවයට පත් කිරීම මෙහි අරමුණ බවට සැකයක් පවතින බවයි විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේ.
ඒ, අනුව යම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායම සැලසුමකට අනුව මෙය සිද්ධ වෙන දෙයක් බවට පැහැදිලිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර බන්ධනාගාරයට දැඩි අලාභ හානියක් සිදුව ඇති බවත් එහි රැඳවියන් රදවා තැබීමට සුදුසු වටපිටාවක් නොමැති බවත්, ඒ හේතුවෙන් බන්ධනගාර නිලධරීන් විසින් රැඳවියන්ව වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවීමට කටයුතු කරන බවත් බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැමිණි විධායක අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත සඳහන් කළා.













