spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මව් රටට යන්න හිටපු චීන ජාතිකයාගේ ගමන් මල්ල අතුරුදන්

ලබන 6 දා නැවත මව් රටට යාමට බලාපොරොත්තුවෙන් සිටින චීන ජාතිකයෙකුගේ විදේශ ගමන් බලපත්‍රය ද සහිත ගමන් මල්ල අද පස්වරුවේ දුම්රියේ ගමන් ගනිමින් සිටියදී සොරකම් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

චීන ජාතික ෆෑන් ජී ඈන් නමැති සංචාරකයකු විසින් කළ පැමිණිල්ලක් අනුවයි මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

පැමිණිලිකරු අද පස්වරුවේ ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගමන් කරමින් සිටියදී ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති බවට පැමිණිලි කර තිබෙනවා.

ඔහු අද කොළඹ සුප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගැනීමට වෙන්කර ගෙන සිට ඇති බව ද සඳහන්.

තම ගමන් මල්ල නොමැති වීම හේතුවෙන් චීන ජාතිකයා දැඩි කම්පාවෙන් පොලිසිය ආසන්නයේ රැඳී සිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔහු ලබන 6 සිංගප්පූරුව බලා පිටත්ව ගොස් එහි සිට චීනයට ගමන් කිරීමට ගුවන් ගමන් බලපත්‍ර වෙන්කර ගෙන සිට ඇතැයි ද සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?