අද මධ්‍යම රාත්‍රිය දක්වා දඹුල්ලේ විශේෂ රථවාහන සැලැස්මක්

දඹුල්ල පොලිස් වසමේ පැවැත්වෙන වෙසක් කලාපය නැරඹීම සඳහා දඹුල්ල නගරය වෙත විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් ඇති වන මාර්ග තදබදය අවම කර ගැනීමට පොලිසිය විසින් අද (31) දිනයේ පස්වරු 3.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර සහ හබරණ දෙස සිට නුවර – මාතලේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන දඹුල්ල බස් නැවතුම්පල අසල ඇති නාමල් උයන මාර්ගයෙන් ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගය හරහා ගොස් ඇනෝන් හන්දියෙන් නැවත ප්‍රධාන මාර්ගයට පිවිස නුවර – මාතලේ දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

මාතලේ – නුවර දෙස සිට පැමිණෙන බර වාහන පන්නම්පිටිය හන්දියෙන් ඇතා බැඳිවැව මාර්ගයෙන් තලකිරියාගම හන්දියට ගොස් නැවත කුරුණෑගල මාර්ගයේ දඹුල්ල දෙසට ගමන් කළ හැකියි.

මාතලේ – නුවර දෙස සිට පැමිණෙන මගී ප්‍රවාහන බස් රථ, යතුරුපැදි සහ සැහැල්ලු වාහන මාතලේ – දඹුල්ල මාර්ගයේ ගමන් කිරීමට හැකියාව පවතිනවා.

බකමුණ දෙස සිට පැමිණෙන වාහන කණ්ඩලම හන්දිය අසල ඇති සිව්මහන්දියෙන් (හතරමං හන්දියෙන්) වම් පසට ඇති මාර්ගයෙන් නැවත නුවර මාතලේ ප්‍රධාන මාර්ගයට පිවිසීමට හැකියි බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted