මව් රටට යන්න හිටපු චීන ජාතිකයාගේ ගමන් මල්ල අතුරුදන්

ලබන 6 දා නැවත මව් රටට යාමට බලාපොරොත්තුවෙන් සිටින චීන ජාතිකයෙකුගේ විදේශ ගමන් බලපත්‍රය ද සහිත ගමන් මල්ල අද පස්වරුවේ දුම්රියේ ගමන් ගනිමින් සිටියදී සොරකම් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

චීන ජාතික ෆෑන් ජී ඈන් නමැති සංචාරකයකු විසින් කළ පැමිණිල්ලක් අනුවයි මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

පැමිණිලිකරු අද පස්වරුවේ ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගමන් කරමින් සිටියදී ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති බවට පැමිණිලි කර තිබෙනවා.

ඔහු අද කොළඹ සුප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගැනීමට වෙන්කර ගෙන සිට ඇති බව ද සඳහන්.

තම ගමන් මල්ල නොමැති වීම හේතුවෙන් චීන ජාතිකයා දැඩි කම්පාවෙන් පොලිසිය ආසන්නයේ රැඳී සිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔහු ලබන 6 සිංගප්පූරුව බලා පිටත්ව ගොස් එහි සිට චීනයට ගමන් කිරීමට ගුවන් ගමන් බලපත්‍ර වෙන්කර ගෙන සිට ඇතැයි ද සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42