මන්ත්‍රී රෝහිණී කවිරත්නගෙන් පොලිස්පතිට ලිපියක්

අධ්‍යාපන අමාත්‍යංශයේදී රාජකාරී කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට පහරදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

මන්ත්‍රීවරිය සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ මෙම සිදුවීම මේවන විට සමාජයේ සහ ගුරු ප්‍රජාව අතර බරපතල ලෙස අප්‍රසාදයකට ලක්වී ඇති බවයි.

මෙලෙස පහරකෑමට ලක්වූ ගුරුවරුන් එදින රාජකාරී කටයුතුවල නිරතව සිට ඇති අතර මෙම පොලිස් නිලධාරීන් බීමතින් සිට ඇති බවට ද අදාළ පාර්ශවයන් තමා වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවයි මන්ත්‍රීවරිය සිය ලිපියේ දක්වා ඇත්තේ.

ඒ අනුව මෙම අනීතික ක්‍රියාදාමයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් හඳුනාගෙන වහාම ඔවුන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසටයි රෝහීනී කවිරත්න මහත්මිය පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Rohini Kavirathne Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?