මන්ත්‍රී රෝහිණී කවිරත්නගෙන් පොලිස්පතිට ලිපියක්

අධ්‍යාපන අමාත්‍යංශයේදී රාජකාරී කටයුතුවල නිරතව සිටි ගුරුවරුන් පිරිසකට පහරදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න මහත්මිය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

මන්ත්‍රීවරිය සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ මෙම සිදුවීම මේවන විට සමාජයේ සහ ගුරු ප්‍රජාව අතර බරපතල ලෙස අප්‍රසාදයකට ලක්වී ඇති බවයි.

මෙලෙස පහරකෑමට ලක්වූ ගුරුවරුන් එදින රාජකාරී කටයුතුවල නිරතව සිට ඇති අතර මෙම පොලිස් නිලධාරීන් බීමතින් සිට ඇති බවට ද අදාළ පාර්ශවයන් තමා වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවයි මන්ත්‍රීවරිය සිය ලිපියේ දක්වා ඇත්තේ.

ඒ අනුව මෙම අනීතික ක්‍රියාදාමයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් හඳුනාගෙන වහාම ඔවුන්ට එරෙහිව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසටයි රෝහීනී කවිරත්න මහත්මිය පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Rohini Kavirathne Letter


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32