මත්රකුසාට එරෙහිව බලංගොඩ මුස්ලිම් ප්‍රජාව පියවරක් ඉදිරියට තබයි

බලංගොඩ නගරය හා තදාසන්න ප්‍රදේශ මත්ද්‍රව්‍ය වලින් තොර ප්‍රදේශයක් කිරිම සදහා බලංගොඩ ගොරක්ගහමඩ ප්‍රධාන මුස්ලිම් පල්ලියේ මවිවලිතුමා සහ මුස්ලිම් සමාජය නියෝජන කරමින් පිරිසක් විසින් එම ප්‍රදේශයේ මත්ද්‍රවය අලෙවි කරන බවට පැවසෙන නිවෙස් වෙත ගොස් මත්ද්‍රව්‍ය අලෙවියෙන් වැළකෙන ලෙසට අවවාද ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (19) රාත්‍රියේ එම නිවෙස් වෙත ගොස් එම නිවැසින්ට මත්ද්‍රව්‍ය ජාවාරමේ අයහපත් පැතිකඩ සහ එයින් සමාජයට සිදුවන හානිය පැහැදිලි කළ අතර නැවත එසේ සිදු නොකරාන් ලෙසටත් මින් ඉදිරියටත් මත්ද්‍රවය අලෙවියේ නිඔරත්රහ වනවා නම්ප ල්ලිය හරහා කිසිඳු කාර්යයකට එම පිරිස් සම්බන්ධ නොකර ගන්නා ලෙසටත් දැනුම් දෙනු ලැබුවා.

අද දිනයේත් රාත්‍රී හතට පමණ වෙනත් ගම්මානයක මෙය ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

ඇතැම් මුස්ලිම් ජනතාව මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි වි ඇති බවත් තවත් පිරිසක් මත්ද්‍රව්‍ය අලෙවියේ නිරත වන බවටත් තමන් වෙත තොරතුරු ලැබි ඇති බව ද එන අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන මුස්ලිම් පල්ලියේ රිෂාස් මවිවලිතුමා පවසනවා.

ආරක්ෂක අංශ සමඟ එක්ව මෙම මත්ද්‍රව්‍ය ගැටලුවට නිිතිය ක්‍රියාත්මක කිරිමට පෙර එයට සම්බන්ධ යැයි කියන පුද්ගලයන්ට මෙහි තිබෙන සමාජමය අහිතකර බැලපැම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගත් බවත් දැනුවත් කිරිමෙි කටයුතු වලින් පසුව මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව ආරක්ෂක අංශ සමඟ එක්ව නිිතිය ක්‍රියාත්මක කිරිම සදහා සහය දක්වන බවද මවිවලිතුමා වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54