මුතුරාජවෙල සිට ගුවන්තොටට ගුවන් යානා ඉන්ධන ගේන්න නළ මාර්ගයක් – කොන්ත්‍රාත්තුව චීන සමාගමකට

මුතුරාජවෙල ඝනමීටර 92,000 ක ධාරිතාවකින් යුතු ගුවන් යානා ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණයක් හා ඒ ආශ්‍රිත පහසුකම් ඉදි කිරීම, එම ගබඩා පහසුකම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළෙහි ඉන්ධන පිරවුම් පර්යන්තයට සම්බන්ධ කරන විශේෂිත ඉන්ධන ප්‍රවාහන නළ මාර්ගයක් ඉදි කිරීම සහ මුතුරාජ වෙල දැනට පවතින පර්යන්තයේ අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබුණා.

ඒ සඳහා ලංසු 03 ක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු M/s. China Petrolzum Pipeline Engineering Company Limited ඇමෙරිකානු ඩොලර් මිලියන 40.84 ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 8,548.75 ක (බදු සහිත) මුදලකට එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45