භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට විමර්ශන හා වැටලීම් ඒකකයක්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (28 දා) නාවල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේදී පැවැත්විණා.

මෙතෙක් කලක් පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පසුගිය ඔක්තෝබර් 18 දා දින සිට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශය යටතට පත්කර තිබෙනවා.

1903 දී ලංකා ඛණිජ සමීක්ෂණ ආයතනය ලෙසින් ආරම්භ කරන ලද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ලංකාවේ ඛනිජ ගවේෂණය , බලපත්‍ර නිකුත් කිරීම , ගවේෂණ හා කල්බදු හිමිකම් පැවරීම, විද්‍යාගාර සේවා පවත්වාගෙන යාම, භූ විද්‍යා තොරතුරු ලබාදීම යන කාර්යයන් ඉටු කරනු ලබනවා.

මෙහිදී අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ, අප රටේ ආර්ථිකයට මේ වන විට ඛනිජ සම්පත්වලින් ලැබෙන දායකත්වය ඉතා අවම මට්ටමක පවතින බවත් එහි උපරිම දායකත්වය ලබාගැනීමට නම් ලංකාවේ ඛනිජ සම්පත් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කර නිශ්චිත මාර්ගේපදේශණ මාලාවක් ඔස්සේ කටයුතු කළ යුතු බවයි.

එසේම ඛනිජ සම්පත් සදහා අගය එකතු කිරීම අත්‍යවශ්‍ය වන බවද ඔහු පැවසුවා.

මෙතෙක් කලක් ඛනිජ සම්පත් කර්මාන්තය සංවර්ධනය කිරීමට ඇති බාධාවන් මේ වන විට රජය විසින් හදුනාගෙන ඇති බවත් මෙම බාධාවන් ඉතා ඉක්මනින්ම ඉවත් කර ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ඛනිජ සම්පත නිවැරදි ආකාරයෙන් ස්ථානගත කිරීමට කටයුතු කරන බවත් පවසා සිටියා.

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ පරිශ්‍රය නිරීක්‍ෂණය කිරීමට එක්වූ අතර කාර්යාංශය තුළ මෙතෙක් කලක් පැවති සේවක ගැටලු, බලපත්‍ර ලබාදීමේ ගැටලු, නීති ගැටළු, ප්‍රවාහන ගැටලු ආදි ගැටළු පිළිබඳව මෙම අවස්ථාවේදී නිලධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඉතාමත් ඉක්මනින්ම විමර්ශන හා වැටලීම් ඒකකයක් කාර්යාංශය තුළ ස්ථාපිත කළ යුතු බව හඳුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59