භූමදානය කළ මෘත ශරීරවල ගෙළ කපා මුදලට විකුණන ජාවාරමක් ගැන මහවින් තොරතුරු

මෘත දේහයක් භූමදානය කිරීමෙන් පසු එම වළ හාරා දේහයේ හිස කොටස කපා රැගෙන ගිය සිද්ධියක් සම්බන්ධයෙන් මහව පොලිසිය විසින් විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඒ, මහව, උදාගම සුසාන භූමියේ භූමදානය කළ මහලු කාන්තාවකගේ මිනී වළ හාරා මීට දින හතරක පෙර එම දේහයේ හිස කොටස කපාගෙන රැගෙන ගොස් ඇති බව පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි.

මෙලෙස මළ මිනියේ හිස කොටස රැගෙන ගිය පුද්ගලයින් විසින් එහි ඡායාරූපයක් ගුරුකම් සිදුකර පුද්ගලයින් වෙත යවා එය මුදලට අලෙවි කිරීමට ඇති බවට පවසා තිබෙනවා.

ඔවුන් විසින් මෙලෙස යවා ඇති ඡායාරූපය දැක ඇති පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් භූමදානය කර තිබූ මහලු කාන්තාවගේ දියණියට පවසා ඇති බව සඳහන්.

පසුව එම දියණිය මෙම සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර, මේ පිළිබඳව දැනගත් පුද්ගලයින් යළි එම හිස කොටස වළ තුළට ගෙනවිත් දමා ඇති බවයි පොලිසිය එහි ගොස් සිදුකළ විමර්ශනවලදී දැක ගැනීමට හැකිව ඇත්තේ.

අවට ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම සුසාන භූමිය තුළ ඇති මිනී වළවල් රැසක් මෙලෙස හාරා ඇති ආකාරය දැකගත හැකි බවයි.

ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින්, රොඩී ගුරුකම් කටයුතු සිදුකරන පුද්ගලයින්ට අලෙවි කිරීම සඳහා මෙලෙස මිනී වළවල් හාරා ඒවායේ භූමදානය කර ඇති මළ මිනීවල හිස කොටස කපා රැගෙන යන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
7
හරි හිනා !
20
හම්මෝ !
20
මාර දුකයි !
20
මලපනිනව !
23
කුජීතයි !
20
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?