බරපතළ ලෙස රෝගාතුර වී සිටින භාතිය ඇතාගේ තත්ත්වය නිරීක්ෂණයට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ඊයේ නිකවැරටිය වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයට පැමිණියා.
එහිදී අමාත්‍යවරුන් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ වෛද්‍ය ප්‍රතිකාර කඩිනම් කරන ලෙසත් ඇතාගේ රැකවරණය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන ලෙසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය කණ්ඩායමක් වනජීවී පශු වෛද්‍යවරුන් සමඟ දැනටමත් ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති අතර, සතවයාගේ රුධිර හා ශුක්‍රාණු සාම්පල එකතු කර ඒවා ස්කෑන් පරීක්ෂණ සහ වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදුවෙමින් පවතින බවයි වාර්තා වුණේ.
මූලික පරීක්ෂණ ප්‍රතිඵල සහ වෛද්‍ය වාර්තා මත පදනම්ව, ප්‍රතිකාර ප්‍රමාදයකින් තොරව ඉදිරියට යා යුතු බවට අමාත්‍යවරු මෙහිදී උපදෙස් දෙනු ලැබුවා.
එමෙන්ම සතවයාගේ තත්ත්වය පිළිබඳ නිතිපතා යාවත්කාලීන කිරීම් ලබාදෙන ලෙසත්, ව්‍යුහගත ප්‍රතිකාර ක්‍රියාවලියක් සහතික කරන ලෙසත් වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා.