බුදු හිමියන්ගේ පුනරුප්පත්තිය බව කියූ අයෙක් අපයෝජන චෝදනා මත අත්අඩංගුවට

අනුගාමිකයන් විසින් බුදු හිමියන්ගේ පුනරුත්පත්තියක් යැයි විශ්වාස කරන අධ්‍යාත්මික නායකයෙකු වන Ram Bahadur Bomjon පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නේපාල පොලිසියේ මධ්‍යම විමර්ශන කාර්යාංශය (CIB) පැවසුවේ 33 හැවිරිදි Ram Bahadur Bomjon සැඟවී සිටි කත්මන්ඩු නගරයට ආසන්නයේ පිහිටි නිවසකින් අත්අඩංගුවට ගත් බවයි.

ඔහුගේ ආශ්‍රමවලදී විවිධ පුද්ගලයන්ගේ අතුරුදන්වීම්වලට සහ ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නේපාල පොලිසිය ප්‍රකාශ කළේ.

බැතිමතුන් අතර “බුද්ධ බෝයි” (“Buddha Boy”) ලෙස හැඳින්වෙන රාම් බහදූර් බොම්ජන් යෞවනයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුට ජලය, ආහාර හෝ නින්ද නොමැතිව මාස ගණනක් නොසෙල්වී භාවනා කළ හැකි බව අනුගාමිකයින් පැවසීමෙන් පසුවයි.

මෙම පුද්ගලයාට භක්තිවන්ත අනුගාමිකයන් ද සිටින අතර එම අනුගාමිකයන්ට ශාරීරිකව හා ලිංගිකව හිරිහැර කළ බවට දිගු කලක් තිස්සේ චෝදනා එල්ල වීමෙන් අනතුරුව වසර ගණනාවක් බලධාරීන්ගෙන් සැඟවී සිටියා.

නේපාල අගනුවරට දකුණින් පිහිටි දිස්ත්‍රික්කයක් වන සර්ලාහි ආශ්‍රමයකදී බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද වරෙන්තුවක් මතයි බොම්ජන් කත්මණ්ඩු නුවරදී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ නේපාල රුපියල් මිලියන 30ක් (ඩොලර් 225,000)ක් සහ තවත් ඩොලර් 22,500ක විදේශ මුදල් තොගයක් සමඟින්.

2010 දී Bomjan ට එරෙහිව පහරදීම් පැමිණිලි රැසක් පොලිසියට ලැබුණු අතර තමාගේ භාවනාවට බාධා කළ නිසා තමා වින්දිතයින්ට පහර දුන් බවයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.

2018 වසරේදී 18 හැවිරිදි කන්‍යා සොහොයුරියක් ආරාමයක දී තමාව දූෂණය කළ බවට මෙම පුද්ගලයාට චෝදනා කළා.

ඔහුගේ එක් ආශ්‍රමයකින් බැතිමතුන් හතර දෙනෙකු අතුරුදහන් වූ බව පවුලේ සාමාජිකයන් විසින් වාර්තා කිරීමෙන් පසු ඊළඟ වසරේ පොලිසිය ඔහුට එරෙහිව තවත් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.

ඔවුන් සිව්දෙනා සිටින්නේ කොහේදැයි තවමත් නොදන්නා බවයි මධ්‍යම විමර්ශන කාර්යාංශය සඳහන් කර ඇත්තේ.

එක් අවස්ථාවකදී දස දහස් ගණන් ජනයා කැලයේ ගැඹුරින් භාවනාවේ යෙදී සිටි ඔහුගේ හාස්කම් දැකීමට රැස්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31