බුදු හිමියන්ගේ පුනරුප්පත්තිය බව කියූ අයෙක් අපයෝජන චෝදනා මත අත්අඩංගුවට

අනුගාමිකයන් විසින් බුදු හිමියන්ගේ පුනරුත්පත්තියක් යැයි විශ්වාස කරන අධ්‍යාත්මික නායකයෙකු වන Ram Bahadur Bomjon පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නේපාල පොලිසියේ මධ්‍යම විමර්ශන කාර්යාංශය (CIB) පැවසුවේ 33 හැවිරිදි Ram Bahadur Bomjon සැඟවී සිටි කත්මන්ඩු නගරයට ආසන්නයේ පිහිටි නිවසකින් අත්අඩංගුවට ගත් බවයි.

ඔහුගේ ආශ්‍රමවලදී විවිධ පුද්ගලයන්ගේ අතුරුදන්වීම්වලට සහ ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නේපාල පොලිසිය ප්‍රකාශ කළේ.

බැතිමතුන් අතර “බුද්ධ බෝයි” (“Buddha Boy”) ලෙස හැඳින්වෙන රාම් බහදූර් බොම්ජන් යෞවනයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූයේ ඔහුට ජලය, ආහාර හෝ නින්ද නොමැතිව මාස ගණනක් නොසෙල්වී භාවනා කළ හැකි බව අනුගාමිකයින් පැවසීමෙන් පසුවයි.

මෙම පුද්ගලයාට භක්තිවන්ත අනුගාමිකයන් ද සිටින අතර එම අනුගාමිකයන්ට ශාරීරිකව හා ලිංගිකව හිරිහැර කළ බවට දිගු කලක් තිස්සේ චෝදනා එල්ල වීමෙන් අනතුරුව වසර ගණනාවක් බලධාරීන්ගෙන් සැඟවී සිටියා.

නේපාල අගනුවරට දකුණින් පිහිටි දිස්ත්‍රික්කයක් වන සර්ලාහි ආශ්‍රමයකදී බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද වරෙන්තුවක් මතයි බොම්ජන් කත්මණ්ඩු නුවරදී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ නේපාල රුපියල් මිලියන 30ක් (ඩොලර් 225,000)ක් සහ තවත් ඩොලර් 22,500ක විදේශ මුදල් තොගයක් සමඟින්.

2010 දී Bomjan ට එරෙහිව පහරදීම් පැමිණිලි රැසක් පොලිසියට ලැබුණු අතර තමාගේ භාවනාවට බාධා කළ නිසා තමා වින්දිතයින්ට පහර දුන් බවයි ඔහු ප්‍රකාශ කර තිබුණේ.

2018 වසරේදී 18 හැවිරිදි කන්‍යා සොහොයුරියක් ආරාමයක දී තමාව දූෂණය කළ බවට මෙම පුද්ගලයාට චෝදනා කළා.

ඔහුගේ එක් ආශ්‍රමයකින් බැතිමතුන් හතර දෙනෙකු අතුරුදහන් වූ බව පවුලේ සාමාජිකයන් විසින් වාර්තා කිරීමෙන් පසු ඊළඟ වසරේ පොලිසිය ඔහුට එරෙහිව තවත් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.

ඔවුන් සිව්දෙනා සිටින්නේ කොහේදැයි තවමත් නොදන්නා බවයි මධ්‍යම විමර්ශන කාර්යාංශය සඳහන් කර ඇත්තේ.

එක් අවස්ථාවකදී දස දහස් ගණන් ජනයා කැලයේ ගැඹුරින් භාවනාවේ යෙදී සිටි ඔහුගේ හාස්කම් දැකීමට රැස්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42