spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් හයක් රෝහලට

කතරගම සිට කොළඹ බලා ධාවනයවූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනයවූ සුඛෝපභෝගී බස් රථයක් බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී (03) රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා .

මෙසේ රෝහල් ගතකර ඇත්තේ සුඛෝපභෝගී බස් රථයේ ගමන්ගත් හය දෙනෙකු බවත් , එහි රියදුරු ද තුවාල ලැබූවන් අතර සිටින බවත් පොලිසිය පැවසිය.

ලංගම බස් රථය යතුරුපැදියකට ඉස්සර කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි සුඛෝපභෝගී බස් රථයේ ගැටී අනතුර සිදුව ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව රථවාහන නිළධාරීන් කීය.ලංගම බස් රථයේ රියදුරු අනතුර සිදුවන මොහොතේ ප්‍රදේශයෙන් පලා විත් පසුව බේරුවල පොලීසියට භාරවී තිබේ.

තුවාල කරුවන් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?