බංග්ලාදේශ අලුත් නායකත්වයට මෝදිගෙන් සුබ පැතුම්

2024 වසරේ ඇති වූ ශිෂ්‍ය අරගලයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වූ පළමු මහ මැතිවරණයෙන් තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් හිමිව තිබෙනවා.

අද පෙරවරුව වෙන විට නිකුත් කළ නිල ප්‍රතිඵලවලට අනුව බංග්ලාදේශ ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 300න්, ආසන 151ක් ජයග්‍රහණය කර තිබූ අතර, ප්‍රධාන ප්‍රතිවාදියා වූ ජමාත්-ඊ-ඉස්ලාමි සන්ධානය ආසන 46ක ජය හිමිකරගෙන තිබුණා.

කෙසේ නමුත් නිල නොවන ප්‍රතිඵල වාර්තා කරන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂය ආසන 211ක් සහ ජමාත්-ඊ-ඉස්ලාමි සන්ධානය ආසන 70ක ජය හිමිකරගෙන ඇති බවයි.

වසර 15ක් බංග්ලාදේශයේ පාලන බලය දැරූ ෂෙයික් හසීනා පලවාහැරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු වරට පැවැත්වූ මහ මැතිවරණයට තරග කිරීම හසීනාගේ අවාමි ලීගයට තහනම් කර තිබුණා.

ෂෙයික් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසු බංග්ලාදේශය සමග බිඳවැටුණු සබඳතා නරක අතට හැරී තිබියදී වුව ද මැතිවරණ ජය වෙන්වෙන් බංග්ලාදේශ ජනතා පක්ෂයට සුබ පැතුම් පළ කළ පළමු රටවල් අතරට ඉන්දියාව එක්ව තිබුණා.

” ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී බංග්ලාදේශයක් සඳහා සහාය දැක්වීමට ඉන්දියාව දිගටම සිටින බවත්, නව අගමැති රහ්මාන් සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබපැතුම් පළ කරමින් සඳහන් කර තිබුණා.

මෙම ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ බංග්ලාදේශ ජනතාව ඔබේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසයයි” යනුවෙන් X සටහනක් තබමින් මෝදි පවසා තිබෙනවා.

“ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී සහ සියල්ල ඇතුළත් බංග්ලාදේශයක් සඳහා සහයෝගය දැක්වීම දිගටම කරගෙන යනු ඇත. අපගේ බහුවිධ සබඳතා ශක්තිමත් කිරීමට සහ අපගේ පොදු සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාමට ඔබ සමඟ වැඩ කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා නැවත අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49