පොලිසියට බිය වී මුහුදට පැන්න තරුණයෙකුගේ සිරුර බේරුවල ධීවර වරායේ

බේරුවල ධීවර වරාය පරිශ්‍රයේ සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමක් අතරතුර මුහුදට පැන අතුරුදහන් වූ තරුණයෙකුගේ මළසිරුර අද (18) උදෑසන සොයාගෙන තිබෙනවා.

ඊයේ (17) පස්වරුවේ බේරුවල වරාය තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහ විශේෂ සෝදිසි මෙහෙයුමක් පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී බහුදින ධීවර යාත්‍රාවක සිටි මෙම තරුණයා පොලිසිය දැක බිය වී මුහුදට පැන ඇති බවයි වාර්තා වන්නේ.

මුහුදට පැන වෙනත් යාත්‍රාවක් වෙත පිහිනා යාමට උත්සාහ කිරීමේ දී ඔහු දියේ ගිලී අතුරුදහන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම පුද්ගලයා දියේ ගිලුණු ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් වරාය පරිශ්‍රයේ තිබියදී මළ සිරුර අද (18) උදෑසන මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර, වස්කඩුව ප්‍රදේශයේ පදිංචි අයෙක්වන අතර ඔහු ධීවර වරාය තුළ මත්ද්‍රව්‍ය බෙදාහරින සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි යෙන් බවයි පොලිසිය සඳහන් කළේ.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ බේරුවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted