පුටින් අද නවදිල්ලියට

රුසියාව සහ චීනය සමඟ “සහයෝගීතාවය” “ගුණාත්මකව නව මට්ටමකට” ඔසවා තැබීම මොස්කව් හි අරමුණ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවා.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් අද සහ හෙට 23 වන ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට පෙර පුටින් මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

අඟහරුවාදා මොස්කව්හි පැවති ආයෝජන සංසදයක දී අදහස් දක්වමින් පුටින් පැවසුවේ බලශක්ති, කර්මාන්ත, අභ්‍යවකාශ, කෘෂිකර්මාන්තය සහ අනෙකුත් අංශවල ඒකාබද්ධ ව්‍යාපෘති රාශියක අරමුණ බීජිං සහ නවදිල්ලිය සමඟ සබඳතා ඉහළ නැංවීම බවයි.

චීන ජනාධිපති ෂී ජින් පිං සමඟ ආර්ථික ගැටළු සම්බන්ධයෙන් තමා සැලකිය යුතු සංවාදයක් ස්ථාපිත කර ඇති බවත්, අගමැති මෝදි සමඟ ඔහුගේ සංචාරයේදී එය දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බවත් පුටින් තවදුරටත් පැවසුවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දෙදින නිල සංචාරයක් සඳහා අද ඉන්දියාවට පැමිණෙනවා.

රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට එක්සත් ජනපදය ඉන්දියාවට දැඩි පීඩනයක් යොදා ඇති මොහොතක සිදුවීම හේතුවෙන් මෙම සංචාරය සඳහා විශාල ජාත්‍යන්තර අවධානයක් යොමු වී තිබෙනවා.

සංචාරය අතරතුර දෙරයේ නායකයින් ආරක්ෂක සබඳතා ඉහළ නැංවීම, දෙරට අතර වෙළඳාම බාහිර පීඩනයෙන් නිදහස් කරගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර ඉන්දියාව සහ රුසියාව අතර ගිවිසුම් ගණනාවක් අත්සන් තැබීමට ද සැලසුම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27