පෑලියගොඩ පොලිසියේ 3 දෙනෙකුගේ වැඩ තහනම්

පෑලියගොඩ ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ 24ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පළා යාමට අදාළව උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

තහනමට ලක් වූ අනෙක් නිලධාරීන් දෙදෙනා පොලිස් සැරයන් වරයෙක් සහ කොස්තාපල්වරයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය 13 වනදා පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා කේරළ ගංජා කිලෝ 24 ක් ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක් සමග පුද්ගලයකු පොලිස් භාරයට ගෙන තිබූ අතර මද වේලාවක දී එම පුද්ගලයා මෝටර් රථයෙන් පලාගොස් තිබුණා.

එම නිලධාරීන් දෙදෙනා පළා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම හේතුවෙන් මෙලෙස වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු පළා යන අවස්ථාවේ පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේ දී මෝටර් රථයෙන් බිමට වැටී තිබූ ජංගම දුරකථනයක් එදින රාත්‍රී ජංගම සංචාරයේ සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුට ප්‍රදේශවාසීන් විසින් ලබාදී තිබුණා.

එම ජංගම දුරකථනය පෑලියගොඩ පොලිසියට ඉදිරිපත් නොකර සන්තකයේ තබාගැනීම තබා ගැනීම හේතුවෙන් රාජ්‍ය සේවය අපකීර්තියට ලක්වන අයුරින් කටයුතු කිරීමේ චෝදනා මතයි උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම සිදු කර ඇත්තේ.

කැලණිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී අධිකාරීවරයා විසින් මෙම නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම සිදුකර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
2
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?