පෑලියගොඩ පොලිසියේ 3 දෙනෙකුගේ වැඩ තහනම්

පෑලියගොඩ ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ 24ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පළා යාමට අදාළව උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

තහනමට ලක් වූ අනෙක් නිලධාරීන් දෙදෙනා පොලිස් සැරයන් වරයෙක් සහ කොස්තාපල්වරයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය 13 වනදා පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා කේරළ ගංජා කිලෝ 24 ක් ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක් සමග පුද්ගලයකු පොලිස් භාරයට ගෙන තිබූ අතර මද වේලාවක දී එම පුද්ගලයා මෝටර් රථයෙන් පලාගොස් තිබුණා.

එම නිලධාරීන් දෙදෙනා පළා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම හේතුවෙන් මෙලෙස වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු පළා යන අවස්ථාවේ පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේ දී මෝටර් රථයෙන් බිමට වැටී තිබූ ජංගම දුරකථනයක් එදින රාත්‍රී ජංගම සංචාරයේ සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුට ප්‍රදේශවාසීන් විසින් ලබාදී තිබුණා.

එම ජංගම දුරකථනය පෑලියගොඩ පොලිසියට ඉදිරිපත් නොකර සන්තකයේ තබාගැනීම තබා ගැනීම හේතුවෙන් රාජ්‍ය සේවය අපකීර්තියට ලක්වන අයුරින් කටයුතු කිරීමේ චෝදනා මතයි උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම සිදු කර ඇත්තේ.

කැලණිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී අධිකාරීවරයා විසින් මෙම නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම සිදුකර ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13