පාසලේ දී සිදු වූ අනතුරකින් සිසුවෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

පාසල් විවේක කාලයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිය දී උඩ පන්දුවක් රැකගැනීමට යාමේ දී ලිස්සා ගොස් බිත්තයක ගැටී බරපතල තුවාල ලැබූ සිසුවෙක් අද (04) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් කොටගල කෙම්බ්‍රිජ් දමිළ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට මාරුකර යැවීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ සිසුවා එම පාසලේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිවකුමාර් නදීෂ් නැමැති සිසුවෙක්.

මෙම සිසුවා පාසල් විවේක කාලයේ දී තවත් ළමුන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී පන්දුවක් රැකගැනීමට යාමේ දී ලිස්සා ගොස් අසල තිබූ බිත්තියක සිසුවාගේ හිස වැදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18