පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වුණා.
පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට කාන්තාවන් තෝරා පත් කිරීමට අදාළව සහ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පිළිගත් දේශපාලන පක්ෂ සහ පක්ෂ ලේකම්වරුන් හමුවීම, දසවන පාර්ලිමේන්තුව සඳහා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය නැවත පිහිටුවීම, පාර්ලිමේන්තුව තුළ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
එමෙන්ම, 2024/2027 පාර්ලිමේන්තු සංවර්ධන ක්‍රියාකාරී සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමඟ සාකච්ඡා කරනු ලැබුවා.
ඒ, අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩසටහන් සඳහා අවශ්‍ය සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සුදානම් බව අසූසා කුබෝටා තවදුරටත් පැවසුවා.














Why only one male participant at that meeting?