ජාවා මුහුදු සීමාවේ දී අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට ඉන්දුනීසියානු සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම්වලට මේ වනවිට හැකිව තිබෙනවා.
සුරබයා නගරයේ සිට බන්ජර්මාසින් දක්වා මගීන් 243 දෙනෙකු සමඟ යාත්‍රා කරමින් තිබූ Virgo Transport 8 නමැති මගී යාත්‍රාව අද (13) උදෑසන අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වුණා.
ඒ, අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී මේ වනවිට මගීන් 103 දෙනෙකු මුදවාගැනීමට හැකිව ඇති අතර, යාත්‍රාවට සිදුව ඇති අනතුරින් අයෙකු මියගොස් තවත් මගීන් 140 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.
සෙවීමේ සහ ගලවා ගැනීමේ යාත්‍රා මෙන්ම හෙලිකොප්ටරයක් එම ස්ථානයට යොදවා ඇති අතර. ජාවා මුහුදේ එම ප්‍රදේශයේ ගමන් කරන අනෙකුත් සියලුම යාත්‍රාවලට කිසියම් මගියෙකුගේ සලකුණු ඇත්නම් එය වහාම වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා.













