පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉදිරි ක්‍රියාකාරී සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වුණා.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට කාන්තාවන් තෝරා පත් කිරීමට අදාළව සහ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් සකච්ඡා කිරීමට පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පිළිගත් දේශපාලන පක්ෂ සහ පක්ෂ ලේකම්වරුන් හමුවීම, දසවන පාර්ලිමේන්තුව සඳහා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය නැවත පිහිටුවීම, පාර්ලිමේන්තුව තුළ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම, 2024/2027 පාර්ලිමේන්තු සංවර්ධන ක්‍රියාකාරී සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමඟ සාකච්ඡා කරනු ලැබුවා.

ඒ, අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩසටහන් සඳහා අවශ්‍ය සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සුදානම් බව අසූසා කුබෝටා තවදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43