පාපන්දු ලෝක කුසලාන ඉතිහාස අලුත් කරමින් සමාරම්භක තරගයෙන්ම මෙක්සිකෝවට සුපිරි ජයක්

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජයවාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඉතිහසයේ පළමුවරට පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුනක් සඳහා දායකත්වය ලබාදුන් එස්ටාඩිඕ අස්ටෙකා ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ගෝල 02-00ක් ලෙස මෙක්සිකෝව ජය ගත්තා.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ පළමු ගෝලය වාර්තා කිරීමට මෙක්සිකෝව වෙනුවෙන් ජූලියන් ක්විනෝන්ස් සමත් වුණා.

මෙක්සිකෝව වෙනුවෙන් වාර්තා වූ දෙවැනි ගෝලය තරගයේ 67වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට රාවුල් ජිමිනෙස් සමත් වුණේ මෙම තරගයේ ජය මෙක්සිකෝ කණ්ඩායමට දෙසට හරවා ගනිමින්.

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති තරගය ආරම්භයේ සිටම ඉතා ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මෙක්සිකානු කණ්ඩායමට ඒ අනුව ජයග්‍රාහීව මෙවර පාපන්දු ලෝක කුසලාන ගමන ආරම්භ කළා.

මේ අතර මෙම තරයේ දී දෙපිලේම ක්‍රීඩකයින් තිදෙනෙකුට රතු කාඩ්පත් හිමිවීමත් විශේෂත්වයක්.

ලෝක කුසලාන තරගයකදී රතු කාඩ්පත් තුනක් හෝ වැඩි ගණනක් ලැබුණු හත්වන අවස්ථාව මෙය වන අතර, ආරම්භක තරඟයක දී රතු කාඩ්පත් තුනක් හිමිවූ පළමු අවසථාව මෙය ලෙසටයි ඉතිහාසයට එක් වුණේ.

මේ අතර 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද කැනඩාවේ සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් හිදී ද සමාරම්භක උත්සවයක් අද පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26