පළාත් 02කට සහ දිස්ත්‍රික්ක 04කට වැසි – සෙසු ප්‍රදේශවල වියලි කාලගුණිකයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.

වයඹ පළාතේ දා වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි කාලගුනා නිවේදනයේ සඳහන් වුණේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව එම නිවේදනයේ පෙන්වා දෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු – මැද, සබරගමුව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්